Sunday, July 22, 2007

අප දන්නා කෙටි සටහන්

පහත සටහන් වන්නේ අප සියළුදෙනාම පාහේ වළගම්බා රජු පිළිබඳව අසා දැන ඇති කරුණු කිහිපයකි. මේවා පත පොතේ මෙන්ම ජනප්‍රවාදයේද ඇති රසබර කතා පුවත් වේ. මෙම පර්යේෂනයේදී අප හඹා යන්නේ මෙම කරුණු ඔස්සේය.

1. අනුරාධපුර යුගය.
2. සොළී/චෝල ආක්‍රමණය.
3. වසර 12ක් සැඟව සිට සේනා සංවිධානය කර නැවත සිරිලක රජකමට පත් වීම.
3.1 සිරිලක දෙවරක් රජ වීම.
4. සතුරු ආක්‍රමණය හමුවේ රජු පලායද්දී ගිරි නම් නිඝණ්ඨයා මහා කළු සිංහලයා පළා යන බවට අවඥා කළ බැවින් ඔහුව මරණයට පත් කිරීම.
4.1 පසුව රජවූ කල එම ස්ථානයේ අභයගිරි මහා චෛත්‍යය කරවීම.
5. සතුරු ආක්‍රමණය හමුවේ රජු පලායද්දී, රථයේ බර වැඩිවී වේගයෙන් යා නොහීයි බියෙන් සෝමා දේවී නම් රජුගේ බිසව රථයෙන් බැස සොළී/චෝල හමුදාවට යටත් වීම.
5.1 පසුව රජවූ කල තම බිසව රථයෙන් බැස ගිය ස්ථානයේ සෝමාවතී මහා චෛත්‍යය කරවීම.
6. සොළී/චෝල ආක්‍රමණය නිසා දිවයිනේ වත්මන් මධ්‍යම, දකුණු, සබරගමු, බස්නාහිර, ඌව ආදී අනුරාධපුරයෙන් දකුණුදිග පළාත්වල සැඟව සිට සේනා සංවිධානය කිරීම.
6.1 පසුව රජවූ කල එම සියළුම ස්ථානවල විහාරාරාම කරවීම.
7. බැමිනිතියා සාය.
8. එතෙක් කටපාඩමින් පවත්වාගෙන ආ බුදු දහම මාතලේ අළුවිහාරයේදී ග්‍රන්ථාරූඪ කරවීම.

මා මෙම පර්යේෂණයට යොමු කළ තවත් ඉතාම වැදගත් කරුණකි. ඉහත සඳහන් පරිදි අනේක විධ හැලහැප්පීම් මධ්‍යයේ (සතුරු ආක්‍රමණ, නියංසාය ආදී) රට ආර්ථිකය, ජීවන තත්වය කෙසේනම් කඩා වැටෙන්නට ඇතිද? ඒ සුළු කාලයකටත් නොවේ.

මේ සියළ්ල හමුවේ නැවත රජබවට පත්වී, වසර 2ක් වැනි කෙටි කාල පරාසයකදී අභයගිරි මහා චෛත්‍යය වැනි විශාල ගොඩනැගීමක් කරවීමට නම්, එම වසර 2 තුළ රට නැවත තිබුණාටත් වඩා සශ්‍රීකවී තිබිය යුතුය. ආර්ථිකය, මිල-මුදල්, කෘෂිකර්මාන්තය, තාක්ෂණය, ශ්‍රමය අතින් දෙවසරකදී මෙම පුනුරුප්පත්තිය ලැබීමට කුමන සාධක මුල් වීද?

සටහන්: වළගම්බා රජුගෙන් පසුව රජ වන්නේ ඔහුගේ පුත් මහසෙන් රජුය. එතුමන් වටා බැඳීඇති කතන්දර තවත් බොහෝය. මහා පරිමාණ වැව් 16කුත්, ඇළහැර ඇළත් කරවූ මෙතුමා, මින්නේරි දෙවියන් ලෙසින් අදටත්, වසර 2000කට පමණ පසුවත්, නුවරකලාවියේ මිනිසුන් අතින් වැඳුම් පිදුම් ලබයි. මෙම පියපුතු දෙපල දෙස විමසිලිවන්ත ඇසින් බැලූ කල අති විශ්මය ජනක කතා පුවතක් ලෙස පෙනීයයි. ඉදිරියේදී විස්තරාත්මක තොරතුරු මෙහි සටහන් වනු ඇත.